ඉඩමක්‌ මිලදී ගැනීමේදී

ඔබ සැලකිලිමත් විය යුතු කරුණු


20 May 2023 / By Golden Gate Lands

ඉඩමක්‌ මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු


ඉඩමක්‌ මිළදී ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබ දේපළ වෙළදාම් ආයතනයකින් ඉඩම් කොටසක්‌ මිළදී ගත්තත් කිසියම් පුද්ගලයෙකුට හිමි ඉඩමක්‌ මිළදී ගත්තත් මේ කරුණු ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතයි. එසේ නොවුණොත් ඔබට ඇතැම් විට ඔබ නොසිතූ කරදරවල පැටලීමට සිදුවිය හැකියි. ඔබ ඉඩමක්‌ මිළදී ගැනීමේදී මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ඔබ ඒ සඳහා වියදම් කරන මුදල සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. නීතිමය තත්ත්වයක්‌ නැතත් ඉඩමක්‌ මිළදී ගෙන එහි නිවසක්‌ ගොඩනගන්නේ නම් ඒ සඳහා ඔබට විශාල මුදලක්‌ වියදම් කිරීමට සිදුවෙයි. ඒ නිසා වඩාත් සුදුසු වන්නේ ඔබට මුදල් අඩුපාඩු ඇත්නම් යම්කිසි මූල්‍ය ආයතනයක්‌ සමග එක්‌ව එම ගනුදෙනු සිදුකර ගැනීමයි. ඒ සඳහා සුදුසු තත්ත්වයක්‌ ඔබ යොදා ගත යුතුයි. ඉඩමක්‌ මිළදී ගැනීමේදී මුදල් අතේ තිබූ පමණින් ගනුදෙනු කිරීමට නොයා යුතුයි. ඔබ ඉඩමක්‌ තෝරා ගත්තට පසු එම ඉඩමේ අයිතිකරුවන් හා ඉඩමේ නිරවුල් බව සොයා බැලිය යුතුයි. එකී ඉඩමේ නිරවුල් බව ඔබට ප්‍රදේශයේ ඉඩම් කාර්යාලයෙන් විමසා දැන ගත හැකියි. ඉඩම් හිමිකම් කියන පාර්ශ්වයට එහි ඉඩමේ අයිතිය කොපමණ කාලයක්‌ නිරවුල්ව හිමි වී ඇත්ද යන්න ඉඩම් කාර්යාලයේ ලේඛන පරීක්‍ෂාවෙන් දැන ගත හැකියි. ඒ අනුව ඉඩම හිමිකරුට එහි නිරවුල් අයිතිය වසර 30-35 ක්‌ හිමිකම ආ පස්‌සට තිබිය යුතුයි. එමෙන්ම එය දීර්ඝ කාලීනව එකී ඉඩමට හිමිකරුවකු සිටියත් එයට පිරිසිදු ඔප්පුවක්‌ ඇද්ද යන්න ද විමසා බැලිය යුතුයි. එමෙන්ම එය මීට පෙර යම්කිසි ආයතනයකට පවරා හෝ මූල්‍ය ගනුදෙනුවක්‌ කර තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. තමන් මිළදී ගැනීමට තෝරාගත් ඉඩමට තවත් පුද්ගලයකු හෝ මූල්‍ය ආයතනයක්‌ යම්කිසි ආකාරයකින් හිමිකම් කියන්නේ නම් එය නීත්‍යානුකූලව නිරවුල් කරගත යුතුයි.

ඉඩමක් මිලදී ගැනීමේදී පිරිසිදු ඉඩමක් වශයෙන් සලකා බලන්නේ කවර වර්ගයේ ඉඩමක්ද ?


ඉඩමක් මිලට ගැනීමේදී එය ආරවුල් වලින් තොර පිරිසිදු ඉඩමක් මිලට ගැනීමට කවුරුත් උත්සහ දරයි.ඉතින් කොහොමද හොඳ ඉඩමක් තෝරාගන්නේ? පහත දැක්වෙන නිර්නායකයන් මත ඔබ මිලට ගන්නා ඉඩම පිරිසිදු ඉඩමක්ද යන්න පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැක.මෙය අංග සම්පුර්ණ විස්තරයක් නොවේ.

1. ඉඩමේ ස්වභාවය:


2. සින්නක්කර ඉඩමේ ස්වභාවය :


3. අයිතිය ගලා ආ ආකාරය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ පත් ඉරුවලින් පැහැදිලිව නිරුපනය විය යුතුය:-


4. ඉඩමට අදාල ප්ලැන්වල මුල්පිටපත්


5. ඉඩමේ වටිනාකම


6. මිලදී ගන්නා ඉඩම සම්බන්ධයෙන් බෙදුම් නඩුවක්,ඉඩම් නඩුවක් හෝ ඒ සම්බන්ධ කිසිදු නඩුවක් කිසිදු අධිකරණයක විභාග වෙමින් නොපවතිය යුතුය.


7. ඉඩම කිසියම් ඇපයකට,ණයඋකස්කරවලින් හෝ වෙනත් ගිවිසුම් වලින් නිදහස්ව තිබිය යුතුය.

8. ඉඩම් සම්බන්ධයෙන් වන සෑම් ගනුදෙනුවක්ම නොතාරිස්වරයෙකු ඉදිරියේ වූ ඔප්පුවකින් කළ යුතු වීමද,ඉඩම මිලටගත් සත්යෙ මුදල ඔප්පුවේ වටිනාකම ලෙස ඇතුලත් කිරීමද වැදගත්වේ.


9. එසේම ඉඩම් මිලට ගැනීමට පෙර අදාල පළාත් පාලන ආයතනයේ නොපවරාගැනීමේ සහ විතිරේඛ සහතිකයද ලබා ගැනීමද වටිනාකම ඉහල අගයක් ඇති ඉඩමක් මිලට ගැනීමේදී වැදගත්වේ.


10. එසේම ඉඩම මිලට ගැනීමට පෙර ඉඩම විකිණුම් කරු ලවා නැවත මන බැලිය යුතු අතර එම අවස්ථාවේම ඉඩමේ මායිම් ඔස්සේ කම්බි කණු සිටුවා වටකොට ගැනීම අනාගතයේ ඇති විය හැකි ඉඩම් නඩුවලින් නිදහස් වීමට මග පාදයි.

About The Author

Golden Gate Lands

Golden Gate Real Estate (Pvt) Ltd is a leading property development company that specializes in buying prime lands.